Skip to main content

Posts

Showing posts with the label ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම

ගෘහයක සැකැස්මක් නිර්මාණය කිරීම. (දෙවන කොටස)

මං කලින් වතාවේ sweet home 3D හි සැලැස්මක් ඇඳීම සඳහා අත්‍යාවශ්‍යම tool ටිකක් සඳහන් කරා. අද මම කියලා දෙන්න යන්නෙ ඇඳගත් සැලැස්මෙ බිත්ති වර්ණ ගන්වන හැටි සහ බිම වර්ණවත් කරන හැටි 01. පළමුව ඇඳගත් බිත්තිය ඩබල් ක්ලික් කළ පසු  modify walls  නම් dialog box එකක් දිස්වේවි. 02. එහි left side හි color, Texture යන්නෙන් බිත්තියෙ වම් පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි. 03. එහි Right side හි color, Texture යන්නෙන් බිත්තියෙ දකුණු පැත්තේ වර්ණය හෝ මෝස්තරයත් සකස් කළ හැකියි. Matt,Shiny තුළින් මතුපිට ස්වභාවය වෙනස් කළ හැක.   04.තවද මෙහි Height කොටස තුළ බිත්තියේ උස මට්ටම් වල වෙනස් කම් කළ හැක. තවද එහි යටතේ තියෙන Thickness,Arc extent යන කොටස් වලින් ඝනකමත්, කෝණයත් සැකසිය හැකිය.